අදානිට දුන්න බලය අහෝසි කරන පෙත්සම් විභාගයට දින

ඉන්දියාවේ අදානි සමාගමට මඩකලපුව වෙඩිතලතිව්හී පුනර්ජනනීය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සදහා අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය බල රහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුව ඇති පෙත්සම් 05 සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් ගොනුකල පෙත්සම් ඔක්තෝම්බර් මස 14 වැනි දින කැදවීමටයි තීරණය කෙරුණේ.