ආණ්ඩුව 130 දෙන්න කියන පාන් 100ට දෙන්න පුළුවන්

පාරිභෝගික සේවා අධිකාරිය ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 130කට නියම කලත් පාන් ගෙඩියක් රුපියල් 100ට ලබා දීමේ හැකියාවක් ඇති බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි.
ඩොලරයේ මිල පහල යෑම නිසා ආණ්ඩුව කලයුතු වන්නේ තිරිගු පිටි ආනයනකරුවන් කැදවා තිරිගු පිටි මිල අඩු කිරීම බව පෙන්වා දෙන සභාපතිවරයා ඒ වෙනුවට ආණ්ඩුව බේකරි හිමියන් පසුපස පන්නමින් සිටින බව පවසයි.