#දේශීය පුවත්

ග්‍රාම නිලධාරීන්ට රුපියල් 30 නොගෙවන්නේ ඡන්දය කඩාකප්පල් කිරීමට

ඡන්ද හිමි නාම ලේඛණයක් සදහා ගෙවූ රුපියල් 13කමුදල රුපියල් 30 දක්වා වැඩිකර ගෙවන ලෙස මැතිවරණ කොමිසම රජයට පවසා තිබියදී එම මුදල නොගෙවා සිටින්නේ ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ සැලසුමකටද යන්න සැකයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒකාබද්ධ ග්‍රාම නිලධාරි සංගමයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ බිම් මට්ටමේ විශාල සේවාවක් ඉටු කරන ග්‍රාම නිලධාරින්ගේ සේවය තමා අගය කරන බවත් පුද්ගලයකු සමාජයට බිහි වීමේ සිට උපත, විවාහය, මරණය ආදී සෑම දේකදීම මේ අය ජනතාවට සමීප බවත් කාලයක් පුරා මේ අයගේ අයිතිවාසිකම් කප්පාදු වී ඇති බවත්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *