අටපාස් මන්ත්‍රීලා පස්සේ උපාධිය ගත්ත දරුවා යවන්නේ නෑ

වසර 13ක් ඉගෙන ගෙන ඉන්පසු සරසවියට ගිහින් උපාධිය ලබා ගත්ත දරුවන් අවුරුදු අටක් ඉගෙන ගෙන මන්ත්‍රී උන අය පසුපසින් නොයවන පුනරුද යුගයක් බිහිකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඒ ජාතික ජන බලවේගයේ යාපහුව රැස්වීම අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය ප්‍රකාශ කලේ අධ්‍යාපනයේදී මෙරට සියලුම දරුවන්ට සමාන ගුණාත්මක වටිනාකමක් ලැබිය යුතුයි. පාසල් අතර විෂමතා, ගුරුවරු අතර විෂමතා, සම්පත් අතර විෂමතා, නොතිබිය යුතුයි. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව රජයක් යටතේ සිදුකර සැමට සම අධ්‍යාපන අවස්ථා ලබා තම පුනරුද පාලන සමයේ අරමුණ බවයි.