සුබ ආරංචියක් අරක්කු මිල බස්සයි

දෛනික මත්පැන් අලෙවියෙන් 50%ක් අලෙවි වන අරක්කු කාල බෝතලයක මිල රුපියල් 100කින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී.ගුණසිරි සියලුම මත්පැන් නිෂ්පාදකයින්ට දැනුම්දී ඇත.
මිල ඉහල යෑම නිසා මත්පැන් අලෙවිය 40%කින් පහල බැස තිබීමත් පාරිභෝගිකයින් නීති විරෝධී මත්පැන් භාවිතය යොමුවීම නිසා සෞඛ්‍ය සේවයේ වියදම ඉහල යාමත් යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ.