#ක්‍රීඩා පුවත්

“ඇය කාන්තාවක් නම් ඇයට ක්‍රීඩා කිරීමේ අයිතිය හිමිවිය යුතුය. “නමුත් එසේ නොවේ නම්?

ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා Imane Khelif ගේ ජයග්‍රහණයත් සමගින් ඔලිම්පික් බොක්සිං වළල්ල ඊයේ(01 වැනිදා) දැඩි මතභේදාත්මක තත්වයකට මුහුණ දුනි.

ඒ ඇය සංක්‍රාන්ති ලිංගිකයෙකු හෝ සිය ලිංගිකත්වය ඔප්පු කර නොහැකි ක්‍රීඩිකාවක ලෙසින් කාන්තා අංශයේ තරග වැදීම හේතුවෙනි.
කිලෝග්‍රෑම් 66 බර පන්තිය යටතේ මුල් වටයේ තරගයක් ලෙසින් ඇල්ජීරියාවේ කෙලීෆ් සහ ඉතාලියේ Angela Carini අතර පැවැති තරගය තත්පර 46කදී අවසන් විය. ඒ khelif ගේ ප්‍රබල පහරවල් දෙකකින් පසු Carini තරගය අතරමග නැවැත්වීමට තීරණය කිරීමෙනි.

මෙම තරගයෙන් අනතුරුව ඈ බොක්සිං වළල්ලේ දණින් වැටී හඬා වැටුණු ඡායාරූපය සමාජ මාධ්‍යයේ සංසරණය විය. බොහෝ දෙනෙකු ඔලිම්පික් උළෙලෙ තීරණ ලැජ්ජා සහගත බවට වාර්තා කරන්නට විය.
khelif ඉකුත් වසරේදී පැවැති ලෝක බොක්සිං ශූරතාවේ අවසන් මහා තරගය දක්වා පැමිණ නමුත් ඇයගේ මෙම ලිංගිකත්වය තහවුරු කිරීමේ හෝමෝන ප්‍රතිශතයේ වූ අඩුපාඩුව මත ඇයව තරගයෙන් ඉවත් කරන්නට සංවිධායකයන් පියවර් ගත්තේය.

නමුත් ඉන් වසරකට පසු ඇය මෙලෙස බොක්සිං වළල්ලේ වෛද්‍ය වාර්තා තහවුරු කිරීමෙන් අනතුරු තරග කර ඇතැයි වාර්තා වන නමුත් මැය සංක්‍රාන්ති ලිංගිකයෙකු හෝ පෙර පිරිමි පුද්ගලයකු ලෙස දිවී ගෙවූ බවක් පිළිබඳ වාර්තා වල සඳහන් නොවේ.

නමුත් තවදුරටත් මෙම තීරණය මතභේදාත්මක වන අතර ඇය සංක්‍රාන්ති ලිංගිකයෙකු නම් මෙවනි (Contact Sports) ප්‍රතිවාදීන් භෞතිකව ගැටෙන තරග සඳහා එක් කිරීම අවාසිදායක බව පිලිගත යුතුය.

නමුත් ඇය සත්‍ය වශයෙන්ම ක්‍රීඩිකාවක නම් ඇයට ක්‍රීඩා කිරීමේ අයිතිය හිමිවිය යුතුය.

චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට

Leave a comment

Your email address will not be published. Required fields are marked *