ඇමරිකාව සැකකරුවන් 03නෙකුට අවුරුදු 23කට පසු චෝදනා ගොනුකරයි

2001 සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවේ නිව්යෝක් නුවර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව රඳවා තබා සිටි කලීඩ් ශේක් මොහොමඩ්, වලීඩ් මොහොමඩ් සාලි මුබාරක් සහ මුස්තෆා අහමඩ් යන සැකකරුවන් තිදෙනාට වසර 23කට පසු චෝදනා ගොනුකිරීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.
මේ පිළිබඳ සැප්තැම්බර් ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දැඩි විරෝධය පළ වී ඇති අතර,එවැනි පියවරක් ගැනීම සැකකරුවන් ලබන ජයග්‍රහණයක් වනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.