සිදුවූ යථාර්ථය නම් රට අපවත්වීමයි

දේශපාලනඥයින් තමන්ට අවුරුදු 90-100 වනතෙක් බලයේ ඉන්න උත්සහ කරනවා. මේක තමයි රටේ තත්ත්වය. දේශපාලඥයින් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ජනතාව අතකොළු බවට පත්කරගෙන තමන්ගේ ගමන යෑමටයි කරිටාස් ශ්‍රී ලංකා සංවිධානය මගින් සංවිධානය කල වැවිලි ප්‍රජාව අභිමානවත් පුරවැසිභාවයක් කරා මැයෙන් වූ වැඩසටහනක් අමතමින් මහනුවර රදගුරු වැලන්සි මෙන්ඩිස් පියතුමෝ පවසයි.
මැතිවරණ සමයේ රට සුවපත් කිරීමට අප්‍රමාණ දේ පිළිබඳ පොරොන්දු දී බලයට පත්වන දේශපාලකයින් බලය ලබාගෙන සුවපත් වෙද්දී රට අපවත්වූ බවත් උන්වහන්සේ මෙහිදී පැවසීය.