ඇමැති පෞද්ගලික ලේකම් ලක්ෂ 15ක අල්ලස් ගනිද්දී අල්ලයි

රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් වරයෙක් අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්තඩංගුවට ගනු ලැබුවා. ඒ මඩකලපුව ප්‍රදේශයේදී.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීම සදහා රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී මෙම අත්තඩංගුවට ගැනීම සිදුවී ඇති බවයි වාර්තා වෙනේ. අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්ට මේ සදහා සහාය පලකල ව්‍යාපාරිකයෙක්ද අත්තඩංගුවට ගෙන තිබෙනවා.