රනිල් ආශ්චර්යයක්

මීට වසර දෙකකට පෙර වැටුණු රට ගොඩ ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. එහිදී අපේ යෝජනාව වුණේ දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඒ සඳහා ඔහුට අවස්ථාව ලාබාදිය යුතු බවයි. අපි ඒ බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා සිටියා. එම තෝරා පත්කර ගැනීම නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා යැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කලා.
ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම මේ මොහොතේ යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බවද අමාත්‍යවරයා සදහන් කලා.