රටවිරුවෝ මුල් මාස හයට ඩොලර් මිලියන 321ක් වැඩිපුර එවයි

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා මේ වසරේ මුල් මාසට ලැබී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි. එය පසුගිය වසරේ මුල් මාස හය හා සසදන කල ඩොලර් මිලියන 321කින් වැඩිවී ඇත.
එසේම 2024 වසරේ මුල් මාස හයට උපයා ඇති සංචාරක ආදායම ඩොලර් මිලියන 1557කි. එය 2023ට සාපේක්ෂව දෙගුණයකට ආසන්න අගයක වැඩිවීමක් බව මහ බැංකුව අනාවරණය කරයි.