අනියම් සම්බන්ධතා 10408ක්

2023 වර්ෂය සදහා ශ්‍රී ලංකා පොලීසිය නිකුත්කර ඇති කාර්ය සාධන වාර්තාවට අනුව පොලීසියට වාර්තාවී ඇති අනියම් සම්බන්ධතා සංඛ්‍යාව 10408කි. එය 2022 වසරේ වාර්තාවූ ගණනට වඩා 772කින් වැඩිවී ඇත.
2023 වසරේ රටේ සමස්ථ පවුල් ආරවුල් එක්ලක්ෂ, දහතුන් දහස් එකසිය අසු අටක් (113188) වාර්තා වි ඇත. 2022 වර්ෂයේ දි පවුල් ආරවුල් එක් ලක්ෂ, එකොළොස් දහස්, හත්සිය නවයක් (111709) වාර්තා වි තිබුණි. 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දි පවුල් ආරවුල් 1479කින් වැඩිවී තිබෙන බව පෙනී ගොස් ඇත.