ඉන්දියාව බිහිකල සුපිරිම පිතිකරුවෙක් දිවි සැරිය නිමකරයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පිතිකරුවෙක් වන අන්ෂූමන් ගයික්වාඩ් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ ඉන්දියාවේ බරෝඩා පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති අනුෂ්මන් 1975 සිට 1987 දක්වා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 40 කට හා එක්දින තරග 15කට ක්‍රීඩාකල ක්‍රීඩකයෙකි. මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසුවිය.