#ක්‍රීඩා පුවත්

තරුෂි සිය කුළුඳුල් ඔලිම්පික් සිහිනය වෙනුවෙන් හෙට තරග බිමට

මීටර 800 ඉසව්ව වෙනුවෙන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න හෙට(02 වැනිදා) එහි මූලික වටය වෙනුවෙන් තරග බිමට පිවිසීමට නියමිතය.

එහිදී තරුෂි එහි 6 වෙනි මූලික වටයේ තරගය සඳහා සහභාගි වේ. එම ඉසව්වේදී තරුෂිගේ ප්‍රතිවාදීන් ලෙස ප්‍රබල ක්‍රීඩිකාවන් රැසක් තරග වැදීමට නියමිත වේ.

මෙම වසරේ දැක්වූ දක්ෂතා අනුව ජැමෙයිකානු ක්‍රීඩිකා Goule – toppin මෙම අදියරේ හොඳම දක්ෂතාව දැක්වූ ක්‍රීඩිකාව වන අතර එයට ලෝක ශ්‍රේණිගත කිරීමේ 5වැනි ස්ථානය හිමිව තිබේ.
ඇමරිකාවේ Allie Wilson අදාල ශ්‍රේණිගත කිරීමේ 10වැන්නාද. ඕස්ට්‍රේලියාවේ Claudia Hollingsworth 21, වැන්නාද, ස්විට්සර්ලන්තයේ Weero 20වැන්නාද, ඉතාලියෙ Bello 41වැන්නාද සහ කෙන්‍යාවේ Lilian Odira 51වැනි ස්ථානයේද පසුවේ.

ඒ අනුව මෙම ඉසව්ව එතරම් පහසු ඉසව්වක් නොවන අතර එහි තරගකාරීත්වය ඉහළ වේ.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවේන් රාත්‍රී 11.15ට පැවැත්වීමට නියමිතය.

චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට

Leave a comment

Your email address will not be published. Required fields are marked *