#දේශීය පුවත්

50% ෂුවර් සැප්තැම්බර් 22 ජනපති ලෙස දිවුරුම් දෙන්නේ මම

2024 ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද වලිනුත් වලංගු ඡන්ද 50% ප්‍රතිශතය තමන් ලබා ගන්නා බවත් ඒ අනුව සැප්තැම්බර් 22 වන දින නියත වශයෙන්ම 09 වෙනි විධායක ජනාධිපති ලෙස තමන් දිවුරුම් දෙන බවත් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සහභාගීවූ දේශපාලනික වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.

ජනාධිපතිවරණය සදහා කොපමණ අපේක්ෂකයින් ඉදිරිපත් වුවහත් ජනතාව කේන්ද්‍රගත වන්නේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙක් වටා බව ප්‍රකාශ කල අනුර කුමාර තමන් ඉන් ප්‍රධාන අපේක්ෂකයෙක් බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *