කංජිපානි ප්‍රංශයේදී – ලොකු පැටී ඩුබායිහීදී අත්අඩංගුවට?

ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරුවන් ලෙස හදුනාගෙන සිටි කංජිපානි ඉම්රාන් හා ලොකු පැටී යන පාතාල සාමාජිකයින් දෙදෙනා අත්තඩංගුවට ගනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
ප්‍රංශයේ සැගව සිටි කංජිපානි බෙලරූස් රාජ්‍යට පලා යෑමට තැත් කිරීමේදී ප්‍රංශ දේශ සීමාවේදී හා ලොකු පැටී ඩුබායි රාජ්‍යයේදීද අත්තඩංගුවට ගෙන ඇති බවයි එම ආරංචිමාර්ග සදහන් කලේ. ඉදිරියේදී උදර්පන නීතිය යටතේ මොවුන් ලංකාවට ගෙන ඒම සදහා ක්‍රියාකරන බවද සැලවේ.
කේසේ නමුත් පොලිස් මූලස්ථානය තවමත් නිල වශයෙන් මෙම සිදුවීම් තහවුරු කොට නැත.