ආනයන නීතිකඩා කුණු ටින් මාළු කන්ටේනර් ගණන් වරායේ , අද හෙට ජනතාවගේ බඩට යයිදැයි සැකයක්

මෙරටට ටින් මාළු ආනයන කිරීම ආණ්ඩුව මගින් තහනම්කර තිබියදී ආනයන සීමාවලින් රිංගා මෙරටට ආනයන කල ටින් මාළු කන්ටේනර 30ක් කොළඹ වරාය පරිශ්‍රයේ ඇතැයි මැනිං වෙළද පල ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ටින් මාළු තොගය චීනයේ සිට ගෙන්වා ඇති අතර වසර ගණනක් ශීතකරණවල තිබූ මත්‍යසයන්ගෙන් සකසා ඇතැයිද වාර්තා වන බව පැවසේ.
කොළඹ මැනිං වෙළදපල ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම ටින් මාළු කිසිසේත්ම මිනිස් පරිභෝජනය සදහා නුසුදුසු බවයි.