වෛද්‍ය සාෆිගේ කලාවැව නිවසේ පුද්ගල මළ සිරුරක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලාත්මක චරිතයක්වූ වෛද්‍ය මොහොමඩ් සාෆිට අයත් කලාවැව ප්‍රදේශයේ නිවසක ඇදක් මත තිබියදී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබේ.
මෙලෙස සැකකටයුතු ලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 4 වන පටුමග ප්‍රදේශයේ ස්ථීර පදිංචි මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි එක්දරු පියෙක් බවයි පොලීසිය සදහන් කලේ. අදාල පුද්ගලයා මියගොස් සිටි කාමරයේ මේසයක් මත තිබී ඖෂධ වර්ග කිහිපයක් පොලිසිය සොයා ගෙන ඇති අතර මෙය සියදිවි නසා ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පරීක්ෂණ පවත්වන බවයි ගල්කිරියාගම පොලීසිය පැවසුවේ.