#දේශීය පුවත්

කෘෂි වෙළඳපොළේ විකෘතිය අවසන් කරන විද්‍යානුකූල සැලැස්මක් ඇත්තේ මාලිමාවට විතරයි

කෘෂි වෙළඳපොළේ විකෘතිය අවසන් කරන විද්‍යානුකූල සැලැස්මක් ඇති මාලිමාව සමග එකතුවෙන්න යැයි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ජනතාවගෙන් ඉල්ලා සිටී.

අනුරාධපුර ගොවි රැලිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මෙසේද පැවසීය

” ගොවි ජනතාව ගොනාට අන්දන්න ලැහැස්ති වෙන්න එපා. ඡන්දෙ බලාගෙන පූච්චානම් කතා කියන්න එපා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට වෙන් කළ සල්ලි හොරා කෑවා. හොරකම් කළ සල්ලි හරියට පාවිච්චි කළා නම්, මේ යෝජනා ක්‍රමය වර්තමානය වෙනකොට ඉවර කරන්න තිබුණා. රජරට ගොවියා මුහුණ දෙන ජල ප්‍රශ්නය නිසා වී වගාවට, ගොඩ බෝගවලට වතුර දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. අපේ රටේ භූගත ජලය ඝන මීටර් මිලියන 55ක් පමණ තිබෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. අවුරුද්දකට වැස්සෙන් ජලය ඝන මීටර් මිලියන 130,000ක් ලැබෙනවා. අපේ පොළොවේ අවුරුද්දකට එකතු වෙන සම්පූර්ණ වතුර ප්‍රමාණය ඝන මීටර් මිලියන 196,000ක් බව ගණන් බලා තිබෙනවා. මේ දැවැන්ත වතුර ප්‍රමාණයෙන් අපි අවුරුද්දකට ප්‍රයෝජනයට ගන්නේ ඝන මීටර් මිලියන 13,000යි. ඒ 13,000න් කොටසක් තමයි වැව් බැඳි රාජ්‍යයේ වැව්වල ගබඩාකරගෙන තිබෙන්නේ. අපේ මුතුන් මිත්තෝ එදා හිටි ජනගහනයට සාපේක්ෂව, වගා කළ ප්‍රමාණයට සාපේක්ෂව එදා තිබුණු තාක්ෂණික දැනුම අනුව ඒ වතුර ටික කළමනාකරණය කර ගත්තා. කලා වැවේ සිට තිසා වැවට වතුර ගෙන යන සැතැප්මකට අඟලක බැස්ම සහිත තාක්ෂණය ක්‍රියාත්මක කළා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *