#ක්‍රීඩා පුවත්

කවීෂා,සශිනි,කාව්‍යා,ශෂිනි එකම පාසලේ ආසියානු ශූරියන් උත්සවශ්‍රීයෙන් පිළිගනී

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගත් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩිකාවන් සිව් (04) දෙනෙක් ගාල්ල, රත්ගම ගා/දේවපතිරාජ ජාතික පාසැල නියෝජනය කළ ක්‍රීඩිකාවන්ය.

එම ක්‍රීඩිකාවන් පිළිගනිමින් ඔවුන්ට උපහාර දැක්වීමේ උත්සවයක් අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රිඩා අධ්‍යක්ෂ සම්පත් ජයසේන, දේවපතිරාජ ජාතික පාසැලේ විදුහල්පති කේ සෑම් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (31) විද්‍යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඩබ්ලිව් කවීෂා දිල්හාරි, ජී පී සචිනි නිසංසලා, එච් ජී කාව්‍යා කාවින්දි හා ඩබ්ලිව් ශෂිනි ගිම්හානි මෙසේ උපහාරයට ලක් වූ ක්‍රීඩිකාවන්ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *