ජූලි මාසයේ කොළඹ ජීවිතය අමාරුවෙලා, උද්ධමනය ඉහල ගිහින්

කොළඹ ජීවත්වන ජනතාවගේ ජුනි ම්සට සාපේක්ෂව උද්ධමන අනුපාතය වැඩි වී ඇත. එය 2024 ජුනි මාසය සඳහා 1.7% ක් ලෙස වාර්තා වී තිබු අතර 2024 ජූලි මාසය සඳහා 2.4% ක් දක්වා ඉහල ගොස් ඇත.
2024 ජුලි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.5% දක්වා වැඩි වී ඇති අතර 2024 ජුනි මාසයේදී වාර්තා වුයේ 1.4% ක් ලෙසය.
එමෙන්ම, 2024 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2.8% ක් දක්වා වැඩිවී ඇති අතර එය 2024 ජුනි මාසයේදී 1.8% ක් ලෙස වාර්තාවී ඇති බවද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.