#දේශීය පුවත්

රට පවතින්නේ අත්හදා බැලීමකට හෝ අවදානමක් ගැනීමට නොවේ ප්‍රසන්න මහින්දට ලියා රනිල් ගාවට

මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීමකට හෝ අවදානමක් ගැනීමට සුදුසු තත්ත්වයක නොවන බවත් එහෙයින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය සහය ලබා දෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ, එවැනි අත්හදා බැලීමකින් රටටත් ජනතාවටත් කිසිදු ප්‍රගතියක් අත් නොවන බව ත් ඒ නිසා අපේ යුතුකම හා වගකීම වන්නේ, රට වෙනුවෙන් සිතා රනිල් වික්‍රමසිංහව නැවත රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම බව ත් ය.

පොහොට්ටු දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගෙන් අපේක්ෂාව හෝ එය පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවන බව අමාත්‍යවරයා එම ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *