මාලිමාව හොරු වද්ද ගන්නේ නෑ. එන්න අහන අයට අනුර කියයි

රට විනාශ කිරීමට වග කිවයුතු මන්ත්‍රීවරුන්ගේ සහාය කිසි විටෙකත් තම පක්ෂය ලබා නොගන්නා බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. අනුරාධපුර බුල්නැවේදී පැවති එම පක්‍ෂ ගොවි සමුළුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර පවසා සිටියේ ජාතික ජන බලවේගය සමඟ සන්ධාන ගත වීමට පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීන් මේ දිනවල උත්සාහ ගන්නා බවත්, ඔවුන්ගේ දේශපාලන භාවිතාව යහපත් නොවන නිසා තම පක්ෂය ඔවුන් ප්‍රතික්ෂේප කරන බවත්ය.