එංගලන්තයේ ඉස්ලාම් දේවස්ථානයක් අසල විරෝධතාවයක් හේතුවෙන් පොලීසියේ 39කට තුවාල

එංගලන්තයේ සවුත්පෝට් ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක් අසල ඇතිවූ විරෝධතාවයක් පාලනයට උත්සාහකල සවුත්පෝට් පොලීසියේ නිලධාරින් 39 දෙනෙක් තුවාල ලබා ඇත.
පසුගියදා සවුත්පෝට් ළමා නර්ථන පුහුණු පාසලකට කඩා වැදී සිදුකල ප්‍රහාරය හේතුවෙන් කුඩා ළමුන් 03නෙකු මියයාමට විරෝධය පලකල ප්‍රදේශවාසීන් හා දෙමාපියන් මෙකී විරෝධතාවය සංවිධානය කර තිබුනේ එහි පිහිටි ඉස්ලාම් දේවස්ථානය ඉදිරිපිටය.
එකී විරෝධතාකරුවන් දේවස්ථානයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර මෝටර් රථ ද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.