රට බංකොලොත් කිරීමට සම්බන්ධ කණ්ඩායම ලෙස පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ගෙන ඒම රටට සුභාරංචියක්

රට බංකොලොත් කිරීමට සම්බන්ධ කණ්ඩායම එකට එක්ව අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හරහා රටේ ජනතාවට නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ලැබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තමාගේ සහ පක්ෂයේ මතය එළැඹෙන සතියේ ප්‍රකාශයට පත් කරන බවත්, රාජපක්ෂවරු සිටින කිසිදු කඳවුරකට තමාගේ සහ පක්ෂයේ සහය නොලැබෙන බවත් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.