මොසෑඩ් ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් නායකයා ඉරානයේදී මරුට

හමාස් ප්‍රධානියා වන ඉස්මයිල් හනියා මීට සුළු වේලාවකට පෙර ඉරානයේ ටෙහරාන් නුවරදී ඝාතනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඔහු ඉරාන නව ජනාධිපතිගේ දිවුරුම් දීම සදහා කටාර්හී සිට ටෙහෙරාන් නුවරට පැමිණ ඇති අතර ඔහු රැදීසිටි ස්ථානයට එකවර එල්ලවු ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් නායකයා මිය ගිය බවයි ඉරාන මාධ්‍ය පවසන්නේ. ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලයේ මොසෑඩ් සංවිධානය සිටින බවට හමාස් සංවිධානය චෝදනා කරයි