#ක්‍රීඩා පුවත්

ඔලිම්පික් සටහනේ පෙරමුණට ආසියානු රාජ්‍යයන්ගේ සටනක්, ඇමරිකාව තවදුරටත් 6 වැනි තැන

පැරිස් ඔලිම්පික් උළෙල ඇරැඹී දින 5ක් ගතවන විට පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට ජපානය සමත් වී තිබේ. ඒ රන් පදක්කම් 7ක් , රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමිනි.

චීනය මෙම සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින අතර ඔවුන් සහ ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 6 බැගින් ලබා තවදුරටත් මෙම සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානයේ රැඳී සිටී.

වත්මන් ඔලිම්පික් ශූරයන් වන ඇමරිකාව මෙම සටහනේ 6 වැනි ස්ථානයට පත්ව සිටීම විශේෂත්වයක් වන අතර මෙහි සිව්වෑනි ස්ථානයේ සත්කාරක ප්‍රංශය රැඳී සිටී.

චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට

Leave a comment

Your email address will not be published. Required fields are marked *