#දේශීය පුවත්

මාන්චෝලේදී ප්‍රධාන මුස්ලිම් මවුලවිවරයෙක් ගිනි අවි සමග එස්ටීඑෆ් දැලේ

ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක් සමග මඩකලපුව මාන්චෝලේ ප්‍රදේශයේදී මව්ලවිවරයෙක් විශේෂ කාර්ය බලකාය මගින් අත්තඩංගුවට ගෙන ඇත.

මවුලවිවරයා ඔහුගේ යතුරු පැදියෙන් ගිනි අවි ප්‍රවාහනය කරමින් සිටියදී අත්තඩංගුවට පත්වූයේ පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවය. ඒ අරලගංවිල විශේෂ කාර්ය බළකාය සිදුකල ක්ෂණික මෙහෙයුමකිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *