රනිල් ජනාධිපති කියලා පෝස්ටර් ගහලා, ඔව් අපිත් ඒක පිළිගන්නවා

රට වටේම රනිල් ජනාධිපති කියලා පෝස්ටර් ගහලා තිබෙනවා. අපි ඒ බව පිළිගන්නවා. හැබැයි සැප්තැම්බර් 21 වන තුරු පමණයි. නියත වශයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා ඡන්දයෙන් ජනාධිපති ලෙස තේරී පත්වෙන බව මතක තියාගන්න ඕනෑ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර් අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ හලාවතදී පැවති ජාතික ජන බලවේගයේ මහ රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් ජනතාව ඇමතූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්,
ජාතික ජන බලවේගය රට පුරා යමින් විවිධ බලවේග එකතු කළේ ආණ්ඩුවක් හදන්න නොවෙයි; රටේ සියලුම පුරවැසියන්ට යහපත් අනාගතයක් හදන්න. පොහොට්ටුවේ ඉන්න ඔක්කොම හොරු ස.ජ.බ. වේදිකාවට ගොඩවුණු හැටියේ හොඳ වෙන්නේ කොහොමද කියලා සමාජ මාධ්‍යවල ප්‍රශ්න කර තිබුණා. ජාතික ජන බලවේගය වටා එක්වී සිටින්නේ හොරුන් සමග සිටි බලවේග නොව ජනතාව සමග සිටි බලවේග බව අවධාරණය කරන්න ඕනෑ. අදූෂිතව කටයුතු කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව රටම තේරුම්ගෙන තිබෙනවා.”