#දේශීය පුවත්

මාධ්‍යවේදීන් ඇතුළු ලක්ෂ 7කට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම අහිමිවීමේ අවධානමක්

ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින්නන්ගෙන් ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයන්, මාධ්‍යවේදීන් මෙන්ම අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කර සිටින පිරිස් ලක්ෂ 7කට ආසන්න පිරිසකට තම අයිතිය පාවිච්චි කිරීමට නොහැකි තත්වයක් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි මේ බව පෙන්වා දී තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර ඇත්තේ මෙම තත්වය උද්ගත වී ඇත්තේ තැපැල් ඡන්ද අයදුම් කළ නොහැකි, එහෙත් අත්‍යාවශ්‍ය කටයුතුවල නිරත වී සිටීමට සිදුවීම නිසා බවයි. ඔවුනටද සිය ඡන්දය භාවිතා කිරීම සදහා නිසි ක්‍රමවේදයක් වහාම හදුන්වා දියයුතු බව ඔහු අවධාරණය කර සිටී

Leave a comment

Your email address will not be published. Required fields are marked *