සමව තිබිය යුතු 03ටම රනිල් ගහන බව සජිත්ගෙන් චෝදනා

ජනාධිපතිවරයා දැන දැනම රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම අභියෝගයට ලක් කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු 3 තිබිය යුතු සංවරණ සහ තුලන ක්‍රියාදාමය ඇතුළු මුළු මහත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයම සමූල විනාශයකට ලක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
පොළොන්නරුවේ පැවැති භික්ෂු උපදේශන සභාව අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පලකල අතර එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ රටේ ප්‍රධානියා ප්‍රසිද්ධියේ උත්තරීතර නීතියට පිටුපා රට බංකොලොත් කළ ආර්ථික ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බවයි.