#දේශීය පුවත්

බන්දුලගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක උස්සලා, ලක්ෂ පහක බඩු අරන්

මාහාමාර්ග, ප්‍රවාහන, මධ්‍ය අමාත්‍ය වන බන්දුල ගුණවර්ධනගේ ලංකා බැංකුවට අයත් ක්‍රෙඩීට් කාර්ඩ් එක අවභාවිත කල සැකකරුවන් ගැන විමර්ශණයක් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

පැමිණිලිකාර ඇමැතිවරයාගේ ක්‍රෙඩිට් කාඩ්පතට අදාළ ගනුදෙනු ඇතුළත් ගිණුම් විස්තර ලබා දෙන ලෙස එම බැංකුවේ කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අයට අවසර ලැබිණ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *