#දේශීය පුවත්

රනිල්ද නැද්ද අත හෙට තීරණය කරයි

2024 ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගය ලැබෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න හෙට දිනයේ ප්‍රකාශ කරන බව ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.

ඩාලිපාර පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කල අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා පසුගිය කාලයේ දී විවිධ පුද්ගලයන් පක්ෂය තම තමන්ට රිසි පරිදි බෙදා අයිති කරගන්නට කටයුතු කළ බවත් මේ වන විට අධිකරණය මගින් ඒ සියල්ල වාරණයට ලක් කර ඇති හෙයින් නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් ඇතුළු නිලධාරි මණ්ඩලය පක්ෂයේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවන බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *