අධික රුධිර වහනය නිසා 27 හැවිරිදි මවක් මරුට, ඥාතීන්ගෙන් වෛද්‍යවරුන්ට චෝදනා

දරු ප්‍රසූතියෙන් පසු සිදුවන අධික රුධිර වහනය නොසලකා හැර සිහි සුන්ව මැරෙන්නට අත්හල බව කියමින් මන්නරමේ රෝහල් වෛද්‍යවරුන්ට මියගිය 27 හැවිරිදි තරුණියකගේ ඥාතීන් චෝදනා කරයි.
ඔවුන් පවසන්නේ මන්නාරමේ තම්පනායීකුලම් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි ධාරණියක වූ ඇය අධික රුධිර වහනය හේතුවෙන් මුරුන්කන් රෝහලට ඇතුළත් වීමෙන් පසුව තත්ත්වය අසාධ්‍ය බැවින් ගිලන් රථයක් මගින් මන්නාරම දිස්ත්රික් රෝහල වෙත මාරු කොට යවා ඇති බවත් මන්නාරම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් මෙම මරණය සිදුවූ බවයි.
මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසාද් එම් හනීෆා මේ සිද්ධිය සම්බන්ධයෙන් පැවසූවේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ඇගේ දේහයේ අවයව කීපයක් කොළඹට යවා ඇති අතර එම පරීක්ෂණවලින් පසුව මේ තරුණ මව මියයාමට හේතුව නිශ්චිතව නිගමනය කළ හැකි බවකි.