#දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තා ඉල්ලා උසාවියෙන් නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වීමේ සිද්ධිය නිසා සමුද්‍රයට මෙන්ම වෙරළ තිරයට හා පරිසර පද්ධතියට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කල සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විසිනුරු මඩුල්ල අද නියෝග කර ඇත.

මෙකී ගිනි ගැනීම හේතුවෙන් පරිසරයට හා ධීවරයන්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යලි විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *