විරේන් ගේ ඔලිම්පික් ගමන අවසන්

ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ ස්පාඤ්ඤයේ එබියන් පැබ්ලෝට එදිරිව වට 2-0කින් පරාජයට පත්විය.
තරගයේ දෙවැනි වටය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එය අවසන් මිනිත්තුව තෙක් ජයග්‍රාහකයා කවුදැයි යන්න අවිනිශ්චිත විය. තරගයේ පළමු වටය ලකුණු 21-09ක් ලෙස පැබ්ලෝ පහසුවෙන් ජය ගත් අතර දෙවැනි වටය ඔහු ලකුණු 21-19ක් ලෙස තියුණු ජයක් ලැබීය.
ඒ අනුව විරේන් ගේ ඔලිම්පික් ගමන මෙයින් අවසන් විය.
චතුර රණසිංහ
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සිට
