දයාසිරිලා සජිත් ගාවට

මානුෂීය ජනතා සන්ධානයේ නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකරගේ පූර්ණ අනුමැතිය සහ අනුබලය ඇතිව මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහාය සමගි ජන බල වේගයට ලබාදෙන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රචාරක ලේකම් සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා අද(30) පෙරවරුවේ කරන්දෙණියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මෙවර ජනාධිපතිවරණයේදී අනිවාර්‍යයෙන්ම ජනාධිපතිවනුයේ සමගි ජන බල වේගයේ සජිත් ප්‍රේමදාස මහතා බවත් එම ජනතා තීන්දුවට සිය පක්ෂයද හිස නමා ආචාර කරන බවත් එසේ ආචාර කරන ගමන්ම සිය පක්ෂයද ඊට දායකවූවේ යයි කියන සතුට පක්ෂයේ නායක දයාසිරි ජයසේකර මහතා සමග පක්ෂ සාමාජිකයන්ද භුක්ති විදින බවද විජේවික්‍රම මහතා කිවේය.