කෙහෙළියගේ ඇප ඉල්ලීමේ තීන්දුව අගෝස්තු 01 වෙනිදායි 09 වෙනිදා දක්වා පස්සට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගොනුකර තිබූ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.
මෙම නියෝගය ලබාදෙන බවට අභියාචනාධිකරණය විසින් මින් පෙර අවස්ථාවකදී අගෝස්තු 01 වෙනි දින සදහන් කරනු ලැබ තිබිණි.