බිත්තරයක් රුපියල් 37කට රටින් ගෙන්වා විකිණීමට කැබිනට් අනුමැතිය

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ රුපියල් 37ක් වැනි පාරිභෝගිකයින්ට දැනෙන මිලකට බිත්තර ලබාදීමට රජය තීරණය කරයි. ඒ අනුව බිත්තර ආනයන කොට අලෙවි කිරීම සදහා වෙළද අමාත්‍යවරයා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙලෙස ආනයන කරනු ලබන බිත්තර සතොස ජාලය හරහා අලෙවි කිරීමට වෙළද අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.