වත්තල ගින්නක්, අයෙක් මරුට

වත්තල මාටාගොඩ ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් වයස අවුරුදු 90ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට ලක්වී ඇත. ඊයේ රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් අනුව වහාම ක්‍රියාත්මකවූ පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට සමත්ව ඇත.
එහිදී එම නිවසේ දෙවන මහලේ පිලිස්සුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයා ඒ වන විටත් ගිණි ගැනීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිට ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.