එංගලන්තයේ දරුණු පිහි ඇනීමක්, 02 මරුට 06කට බරපතලයි, චාල්ස් රජුත් කම්පාවේ

සවුත්පෝර්ට් හි ළමා නැටුම් වැඩමුළුවකදී 17 හැවිරිදි තරුණයෙකු එල්ල කල දරුණු පිහි ප්‍රහාරයක් හේතුවෙන් ළමුන් 02 නෙක් ජීවිතක්ෂයට ලක්වී ඇත. මෙම ප්‍රහාරයෙන් 09 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් 06 දෙනෙකුගේ තත්වය බරපතල බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ප්‍රහාරය එල්ල කල 17 හැවැරදි තරුණයා ප්‍රහාරය සදහා භාවිතාකල පිහියද සමග අත්තඩංගුවට ගැනීමට සවුත්පෝර්ට් පොලීසිය සමත්ව ඇත.
” ප්‍රහාරය අතිශයින්ම බිහිසුණු බවත් මෙකී ප්‍රහාරය හේතුවෙන් ඛේදජනක ලෙස ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සහ මෙම සැබවින්ම බිහිසුණු ප්‍රහාරයෙන් විපතට පත් වූ සියලු දෙනාට අපි අපගේ හෘදයාංගම ශෝකය, යාච්ඤා සහ ගැඹුරු සංවේගය එවන්නෙමු,” යනුවෙන් ඓඓඓ වන චාල්ස් රජු සහ කැමිලා රැජින උපුටා දක්වමින් සමාජ මාධ්‍ය වාර්තා කරයි.