ඊ වීසාවලට විරුද්ධව චම්පික,හකීම්,සුමන්තිරන්ගේ පෙත්සම් විභාගයට දින

ගුවන්තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක වීම ඇරඹි ඊ වීසා ක්‍රමවේදය හරහා රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ලවන බව පෙන්වමින් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන්නැයි මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන්නේ, හිටපු අමාත්‍යවරුන් වූ පාඨලි චම්පික රණවක, රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් යන විසින්.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බවටයි වාර්තා වෙන්නේ.