#දේශීය පුවත්

වී වලට සහතික මිලක් නොදී මැතිවරණවලට ඡන්ද හිඟා කන්න ගම්වල හතරමායිමට එන්න එපා

වී කිලෝවක් නිෂ්පාදන‍ය කිරිමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා සාධාරණ සහතික මිලක් ඉදිරි දින තුන තුළ නොදුනහොත් දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් ආරම්භ කර රජයේ කිසිම දේශපාලන නියෝජිතයෙකුට සිය ගම්මාන හතර මායිමට එන්නට ඉඩ නොදෙන විරෝධතාවයක් ගොඩනගන බව මහවැලි බි කලාපයේ සෙවණපිටිය ගොවිසංවිධාන 21ක නියෝජිත පිරිසක් අද (29) පෙරවරුවේ සෙවනපිටිය වෙල් යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.
මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළෙමින් පවතින අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වී මෝල් හිමියන් තමන්ගේ වීෙඅ ස්වනු තුට්ටු දෙකට ලබා ගනිමින් සිටින බවත් කිසිදු ස්ථානයක රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් ගොවීහු කියති.

වහාම රජය මැදිහත් වි ගොවියාගේ වී අස්වනු සහතික මිලකට හෝ සාධාරණ මිලකට ලබා ගැනීමෙ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළහ. ඔවුන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සදහා රුපියල් 150ක සහතික මිලකි.
පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට කීරි සම්භා මිලදී ගැනීමෙන් වැලකී සිටින අතර, නාඩු හා සම්බා වි කිලෝ වක මිල රුපියල් 100 දක්වා පහළ දමා ඇති බැවින් තම වි නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *