විජයදාසගේ හා සාරථීගේ වාරණය දික්කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වුණු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහතා එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග සැප්තැම්බර් මස 24 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (29) නියෝග කළා.
ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුවයි.