#දේශීය පුවත්

රනිල්ද ? ධම්මිකද ? තෝරන්න මහින්ද අද පොහොට්ටුවේ විධායක සභාව කැදවයි

ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) පැවැත්වීමට නියමිතය. ඒ අනුව එය සාකච්ඡාව පස්වරු 4.00 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නොඑසේනම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *