#කලා ලොව

වීරාභිචින්තන NSBM හරිත විශ්ව විද්‍යාලයේ

NSBM හරිත විශ්ව විද්‍යාලය නිර්මාතෘවරයා වශයෙන් කටයුතු කරන උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා විසින් සිදු කරන ලද නොසැලෙන අභීතවත් නායකත්වය අගය කිරීම සහ උපහාර දැක්වීම හා සමරු උත්සවය පසුගිය දින NSBM හරිත සරසවියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහි මුඛ්‍ය දේශනයන් ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති කරුණාසේන කොඩිතුවක්කු සහ ව්‍යවසායක දිලිත් ජයවිර මහත්වරුන් විසින් සිදු කරන ලදී.

NSBM හරිත සරසවියෙන් බිහි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශේහානී ජෝසප් සභාව ආමන්ත්‍රණය කළාය.

චානුක වත්තේගම විසින් රචිත NSBM LEGACY කෘතිය පළමු පිටපත NSBM හරිත විශ්ව විද්‍යාලීය නිර්මාතෘ උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහයන් හට පිරිනැමීය.

ඉන් අනතුරුව පැමිණ සිටි විශේෂ ආරාධිතයන් වෙත උපකුලපති මහාචාර්ය ඊ. ඒ . වීරසිංහයන් එම කෘතිය පිරිනැමීය.

ලංකා බැංකුවත් සමග අත්වැල් බැඳ ගනිමින් විශ්ව විද්‍යාල ගොඩනැගීම හා වර්තමාන සංවර්ධිත ක්‍රියාදාමය වෙනුවෙන් කළ කැපකිරීම අගයනුවස් උපකුලපතිවරයා හට විශේෂ සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරන ලදී.

එයට සමගාමීව ඉදි වෙමින් පවතින වෛද්‍ය පීඨයේ අනුරුව සහිත මියුරල් විවෘත කිරීමද සිදුවිය.

ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම් මහතා උත්සව සභාව මෙහෙය වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *